May 18, 2024

ජමාල් කෂෝගි ඝාතකයන් පුහුණු කර ඇත්තේ අමෙරිකාවේ බවට හෙළිදරව්වක්

ලෝක ප්‍රසිද්ධ මාධ්‍යවේදී ඝාතන සිදුවීමක් වන ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධ අපරාධකරුවන් සිව්දෙනෙකු ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පුහුණු කර ඇති බවට පුවතක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් වාර්තා කර තිබෙනවා.

වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වූ ජමාල් කෂෝගී 2018 වසරේ දී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වුණා.

සෞදි ඔටුන්න හිමිකුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගේ නියෝගය පරිදි මෙම ඝාතනය සිදුකළ බවට චෝදනාවක් ඇති අතර මෙම ඝාතනය සිදුකළ සිව්දෙනා හට පැහැරගෙන යාම, රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පැරාමිලිටරි උපක්‍රම පිළිබඳ පුහුණුවක් ඇමෙරිකාවේ දී ලබාදී ඇති බවයි නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කර තිබුණේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 June 2021 08:04