April 27, 2024

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරයට රුසියානු හමුදාව ඇතුළුවෙයි

February 28, 2022

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කයිෆ් නගරයට රුසියානු හමුදාව ඇතුළුවූ බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිවේදනය කර තිබෙනවා.

ඔහු නගර වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ නිවෙස් තුළට වී කාලය ගත කරන ලෙසයි.

කාර්කයිෆ් නගරයට ඇතුළුවන රුසියා හමුදා ඉලක්ක කර ගනිමින් යුක්‍රේන හමුදාව ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඉන් රුසියානු හමුදාවට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නගර ආසන්නයේ ඇති ගෑස් ප්‍රවාහන නල පද්ධතියකටද රුසියා හමුදාව ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

Rate this item
(1 Vote)