April 27, 2024

යුද ගිනි දැල් මැද රාජ්‍ය නායකයින් තිදෙනෙක් දුම්රියෙන් යුක්රේනයට

යුක්රේනය යුරෝපා රටවල් තුනක නායකයින්ට සිය කෘතවේදය පළ කර තිබෙනවා.

ඒ ඉතා දුෂ්කර හා අවදානම් දීර්ඝ ගමන් මගකින් පසු යුක්රේනයට ශක්තියක් වීම සඳහා පැමිණීම නිසා.

රාජ්‍ය තුනක  නායකයින්

රුසියාව විසින් ආක්‍රමණය කිරීමත් සමඟ ඉතා දරුණු යුද්ධයක පැටලී ඇති යුක්රේනය වෙත එසේ පැමිණියේ පෝලන්තය ස්ලොවේනියාව හා චෙක් යන රාජ්‍ය වල අග්‍රාමාත්‍යවරුන්.

ඔවුන් යුක්රේනයේ කිව් නගරය වෙත පැමිණියේ පෝලන්තයේ සිට දුම්රිය මගින්.

යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේනයට පැමිණි ප්‍රථම නායකයින් තිදෙනා ඔවුන් තිදෙනායි.

නායකයින් අතර සාකච්ඡාව

එසේ පැමිණි නායකයින් තිදෙනා යුක්රේනයේ ජනාධිපති එසේ වොලොඩ්මීර් සෙලෙන්ස්කි සමග සාකච්ඡා කොට තිබෙනවා.

එහිදී චෙක් අගමැතිවරයා සඳහන් කර තිබෙන්නේ යුක්රේනය තනි කොට නොමැති බවයි.

"අපි දන්නවා ඔබ ඔබේ ජීවිත සඳහා සටන් කරන බව.ඔබ තනි නැහැ.අපේ රටවලුත් ඔබේ පැත්තේ."

චෙක් නායකයා සඳහන් කර තිබෙන්නේ ඒ ආකාරයට.

ජනපතිගේ ප්‍රතිචාරය

ඊට පිළිතුරු දෙමින් යුක්රේන ජනපතිවරයා සඳහන් කර තිබෙන්නේ "ඔබේ පැමිණීම අපට ලැබෙන සහයෝගය පිළිබඳව ප්‍රබල පණිවිඩයක්" ලෙසයි.

කිව් නගරයේ මෙම සාකච්ඡා පැවැත්වෙන අතර තුර ඉතා විශාල පිපිරීම් වල ශබ්ද ඇසුණු බවයි වාර්තා වන්නේ.

ඒ කිව් නගරයේ බටහිර පෙදෙසට වන්නට සිදු වූ සටන් වල හඬ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 March 2022 22:34