March 29, 2024

ලංකාවටත් ආපු ලොව විශාලතම ගුවන් යානය යුක්රේනයේදී විනාශයි Featured

February 28, 2022

රුසියානු මිසයිල ප්‍රහාරයකින් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් AN -225 නමැති ගුවන් යානය විනාශ වී තිබෙන බව යුක්රේන නිලධාරීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

යුක්රේන භාෂාවෙන් "Mriya" නොහොත් "සිහිනය" ලෙස නම් කර ඇති මෙම දැවැන්ත ගුවන් යානය "රුසියානු වැසියන්" විසින් ප්‍රහාරයට ලක් වූ විට Kyiv අසල ගුවන් තොටුපළක නවතා තිබූ බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, ඔවුන් යානය නැවත ගොඩනඟන බව ද පැවසුවා.

යානයේ විනාශය පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් නොමැති නමුත් ඇන්ටනොව් සමාගමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ විශේෂඥයින් විසින් පරීක්ෂාවට ලක් කරන තුරු යානයේ "තාක්ෂණික තත්ත්වය" තහවුරු කළ නොහැකි බවයි.

ඇන්ටනොව් කළමනාකරණය කරන යුක්‍රේනියානු රාජ්‍ය ආරක්ෂක සමාගමක් වන යුක්‍රොබොරොන්ප්‍රොම් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ යානය විනාශ වී ඇති නමුත් රුසියාවේ වියදමින් එය නැවත ගොඩනඟන බවයි.

ඒ සඳහා වැය වූ මුදල ඩොලර් බිලියන 3ක් බවද අවධාරණය කර තිබෙනවා.

මෙම ගුවන් යානාව භාණ්ඩ නොමැතිව ටොන් 640 ක් බරින් යුක්ත වන අතර එන්ජින් 6 කින් ද යුක්ත වෙනවා. 

යානයේ පියාපත් විහිදුම මීටර 88.4 ක් වන මෙම ගුවන යානය තුල ගුවන් භාණ්ඩ රඳවන කොටසෙහි මෝටර් රථ 80ක් පමණ රැදවීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම මීටර 84ක දිගින් යුතු යානය රෝද 32කින් සමන්විතයි.

යුක්රේනයේ මෝටර් සිච් (Motor Sych) සමාගම හා එක්ව අන්තනොෆ් සමාගම විසින් නිර්මාණය කරන ලද මේ යානය සඳහා ඩොලර් මිලියන 20ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරා තිබෙනවා.

2018 වසරේ අප්‍රේල් මස 18 වනදා මත්තල ජ්‍යාතන්තර ගුවන් තොටුපොල වෙත ගොඩ බස්වා ඇති මෙම ගුවන් යානය අප්‍රේල් මස 22ද නැවත පිටව ගොස් තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 28 February 2022 13:50