April 25, 2024

කීව් අගනුවරට ආසන්න මහල් ගොඩනැගිල්ලකට මිසයිල් ප්‍රහාර (VIDEO)

February 26, 2022

රුසියානු ප්‍රහාරකයින් සහ යුක්‍රේන හමුදා අතර සටන් ඇවිලී යද්දී කියුව් නගරයේ උස් මහල් නිවාස සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව බලධාරීහු අද (26) ප්‍රකාශ කරයි.

මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවමත් තහවුරු කර නොමැති අතර, මිසයිලයෙන් ගොඩනැගිල්ලේ තට්ටු කිහිපයක් විනාශ වී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මහල් නිවාසයක් තුළ තිබූ සීසීටීවී දර්ශනවල සටහන් වූයේ මිසයිලය ගොඩනැගිල්ලට වැදුණු නිශ්චිත මොහොතේ විශාල පිපිරීමක් ඇති වූ බවයි.

එමෙන්ම මිසයිල ප්‍රහාරයේ බලපෑමෙන් අවම වශයෙන් තට්ටු පහක් ආවරණය වන සිදුරක් මහල් නිවාසයේ ඇති වී තිබෙනවා.

Rate this item
(0 votes)