May 07, 2024

ඉන්දියාව යුක්රේනය මග හරී: තුන් වතාවක්ම ඡන්දය දීමෙන් වළකියි - ඇමරිකාවෙන් පණිවිඩයක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී රුසියාවට එරෙහි යෝජනාවක් ඊයේ (03) සම්මත කළා.

ඊට ඡන්දය දීමෙන් ඉන්දියාව වැළකී ඇති බවයි වාර්තා වන්නේ.

යෝජනා තුනක්

රුසියාව හා යුක්රේනියාව අතර පවතින යුධමය තත්ත්වය පදනම් කොටගෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉකුත් දින කිහිපය පුරා යෝජනා රැසක් සම්මත කරගත්තා.

ඒ පසුගිය සතිය තුළ.

ඒ සතිය තුළ රුසියාවට එරෙහිව යෝජනා ගෙන ආ තුන් අවස්ථාවකදීම ඉන්දියාව ඊට ඡන්දය දීමෙන් වැළකී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ මෙම ස්ථාවරය සම්බන්ධයෙන් ඇමරිකාව සිටින්නේ නොසතුටින්.

ඇමරිකාවෙන් පණිවිඩයක්

ඒ හේතුවෙන් ඇමරිකාවේ ජනාධිපති මන්දිරයෙන් ඉන්දියාවට පණිවිඩයක් ලැබී තිබෙනවා.

ඒ පැහැදිලි ස්ථාවරයකට (TAKE A CLEAR POSITION) පැමිණෙන ලෙසටයි.

රුසියාව හා යුක්රේනියාව අතර යම් එකඟතාවයක් ඇති කිරීමේ උත්සාහයක ඉන්දියාව නියැලී සිටින බවත් ඒ නිසා ඉහත සඳහන් ස්ථාවරය අනුගමනය කළ බවටත් මත පළ වනවා.

එහෙත් ඉන්දියාවේ එම ස්ථාවරය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට ප්‍රශ්නයක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාව මේ අවස්ථාවේ පැහැදිලි ස්ථාවරයක සිටිය යුතු බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බලාපොරොත්තු වන බව පෙන්වා දෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 March 2022 12:52