May 07, 2024

රුසියානු හමුදා ප්‍රධාන නගරයක පාලනය පළමු වරට අතට ගනී

රුසියානු හමුදා දකුණු යුක්රේනියාවේ ප්‍රධානතම වරාය නගරයත් මීට සුළු මොහොතකට අත්පත් කරගෙන තිබෙනවා.

"කර්සන්" නමින් හැඳින්වෙන එම වරාය නගරය රුසියානු හමුදා අත්පත් කර ගත් බව තහවුරු කර තිබෙන්නේ එහි පුරපතිවරයායි.

පළමු ප්‍රධාන නගරය

මීට සතියකට පෙර රුසියාව යුක්රේනියාව ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු හමුදා අත්පත් කරගත් පළමු ප්‍රධාන නගරය ලෙසයි හැඳින්වෙන්නේ.

"කර්සන්" නගරය අත්පත් කර ගැනීමේදී දෙපාර්ශවය අතර දරුණු සටන් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට රුසියානු හමුදා එම නගරයේ මහජන කවුන්සිල ගොඩනැගිල්ල අත්පත් කර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

දරුණු සටන්

ඊයේ (2) යුද්ධය පටන් ගැනීමෙන් පසු දරුණු සටන් පැවති දිනය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ විශේෂයෙන්ම රුසියානු හමුදා දරුණු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම නිසා.

2,80,000 ක පමණ ජනගහනයක් වෙසෙන කළු මුහුදට ආසන්න එම නගරයට මේ වන විට රුසියානු හමුදා විසින් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පුරපතිගේ ඉල්ලීම

එසේ පනවා ඇත්තේ පැය 10ක දැඩි ඇඳිරි නීති තත්ත්වයක්.

මෙම තත්ත්වය තුළ අවශ්‍ය ආහාර , ඖෂධ සහ අනිකුත් අත්‍යවශ්‍යය ද්‍රව්‍ය ගැනීම සඳහා අවස්ථාව රුසියානු හමුදා විසින් එහි නගරවාසීන්ට ලබා දී තිබෙනවා.

නගරය තුළ කිසිදු යුක්රේනියානු හමුදා සොල්දාදුවෙක් නොමැති බව තහවුරු කරන එහි පුරපතිවරයා සාමාන්‍ය වැසියන්ට වෙඩි නොතබන ලෙස රුසියානු හමුදාවන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 March 2022 11:46