March 29, 2024

යුක්‍රේන වැසියෝ අසල්වැසි රටවලට පැනයයි

February 25, 2022

රුසියානු ප්‍රහාර හමුවේ දහස් ගණනක යුක්‍රේන වැසියන් මධ්‍යම යුරෝපීය රටවල් වෙත සංක්‍රමණය වීම ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු පෝලන්තයේ මෙඩිකා හි දේශ සීමා හරස් මාර්ගයට යුක්‍රේන ජාතිකයින් විශාල පිරිසක් රැස්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍යම යුරෝපීය රටවල් වෙත ඇතුළු වන සියලු දේශ සීමා ආසන්නයේ දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබෙන අතර පාගමනින් විශාල පිරිසක් එම ස්ථාන වෙත පැමිණ ඇති බවද වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් මහතා ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේන වැසියන් සිය රටට පිළිගැනීමට සහ මානුෂීය ආධාර ලබාදීමට ද සිය රජය සූදානම් බවයි.

සෙසු මධ්‍යම යුරෝපීය රටවල් කිහිපයක් ද යුක්‍රේන ජනතාවට ආධාර ලබා දීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 February 2022 14:47