April 20, 2024

රුසියා - යුක්‍රේන අර්බුධය ගැන ලංකාවේ ස්ථාවරය

February 25, 2022

රුසියානු ආක්‍රමණයකට ලක්ව ඇති යුක්‍රේනයේ තත්ත්වය පිලිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින අතර, එහිදී නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විදේශ කටයුතු ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගයක් ලෙස අනුමත කළ නොහැකි බවයි.

කෙසේ නමුත්, මෙහිදී නේටෝ සංවිධානයේ ව්‍යාප්තිය තුලින් රුසියාව අනාරක්ෂිත වීමේ ගැටලුව ද සැලකිල්ලට ගත යුතු බව ඔහු සඳහන් කළා.

යුක්‍රේනයේ බෙදුම්වාදී ඩාන්යෙක් සහ ලුහාන්ස්ක් ප්‍රාන්ත රුසියාව විසින් වෙනම රාජ්‍යයන් ලෙස පිලිගැනීම ලක් රජය අනුමත කරන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා. 

ඊට පිළිතුරු ලබාදෙමින් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා කියා සිටියේ ඓතිහාසික හෝ දේශපාලනමය වශයෙන් යුක්‍රේනයේ තත්ත්වය ශ්‍රී ලංකාවට සම කළ නොහැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 February 2022 14:08