May 02, 2024

රුසියාව යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරය අල්ලයි

February 25, 2022

ලොව දරුණුතම න්‍යෂ්ටික ආපදාව සිදු වූ උතුරු යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය මේ වනවිට රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වනවා.

පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ මෙම න්‍යෂ්ටික බලාගාරය මහා විනාශයක් සිදු කරමින් පිපිරීමට ලක්වූයේ 1986 වසරේදියි.

රුසියානු හමුදා විසින් තම රට ආක්‍රමණය කළ හොත් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය රුසියානු හමුදාව ඔවුන් සතුකර ගැනීමට උත්සාහ කරන බවට පසුගිය බ්‍රහස්පතින්දා යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අනතුරු ඇඟවනු ලැබුවා.

රුසියාව යුද්ධය තව දුරටත් තීවෘ කළ හොත් 1986 වසරේදී සිදුවූ චර්නොබිල් ඛේදවාචකය 2022 වසරේදීත් යළිත් වරක් සිදුවිය හැකි බවයි විදෙස් විචාරකයින් මත පල කරන්නේ.

Rate this item
(0 votes)