May 04, 2024

රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර - යුක්‍රේනයත් ප්‍රහාරයට සූදානම්

February 24, 2022

යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ රුසියානු හමුදාව රටේ නැගෙනහිරින් තම ඒකකවලට “දැඩි ෂෙල් ප්‍රහාර” ආරම්භ කළ බවයි.

රුසියාව කියෙව් අසල බොරිස්පිල් ගුවන් තොටුපළට සහ තවත් ගුවන් තොටුපළ කිහිපයකට ද මිසයිල ප්‍රහාර එල්ල කළ බව එම නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

යුක්‍රේන ගුවන් හමුදාව රුසියාව විසින් එල්ල කරන ගුවන් ප්‍රහාරවලට එරෙහිව සටන් කරන බවද එහි සඳහන් වනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ තමා යුක්‍රේන ජනපති සමග වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ කතා කළ බවත්, “ජාත්‍යන්තර හෙලාදැකීම් පෙළගැස්වීමට” ගන්නා පියවර පිළිබඳව ඔහු දැනුවත් කළ බවත්ය.

ප්‍රකාශයක් නිකුත් කරමින් බයිඩන් පවසන්නේ ප්‍රහාරය “ප්‍රකෝප නොකළ සහ අසාධාරණ” එකක් ලෙස තමා හෙළා දකින බවයි.

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි “ජනාධිපති පුටින්ගේ ප්‍රබල ආක්‍රමණයට එරෙහිව පැහැදිලිව කථා කරන ලෙසත්, යුක්‍රේනයේ ජනතාව සමඟ නැගී සිටින ලෙසත් ලෝකයේ නායකයින්ගෙන් ඉල්ලා සිටින ලෙස තමන්ගෙන්  ඉල්ලා සිටි බවයි ,බයිඩන් වැඩිදුරටත් සඳහන් කරන්නේ

එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසන්නේ G7 නායකයින් හමුවන බවත්, එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් “රුසියාවට දැඩි සම්බාධක පනවනු ඇති” බවත්ය.

යුක්‍රේනයට සහ යුක්‍රේන ජනතාවට අඛණ්ඩව සහයෝගය සහ ආධාර ලබා දෙන බවද ඇමරිකානු ජනපතිවරයා පවසනවා.

Rate this item
(2 votes)