May 12, 2024

ඇෆ්ගන් ගැබිණි මව බේරන්න අමෙරිකා ගුවන් හමුදාව කළ කැප කිරීම

ඇෆ්ගනිස්ථානයේ සිට තවමත් සිවිල් වැසියන් පලා යමින් සිටින අතර මේ සඳහා අමෙරිකානු ගුවන් හමුදාව මෙන්ම ජර්මානු ගුවන් හමුදාවද සහාය ලබාදෙමින් සිටියි.

මෙලෙස අමෙරිකානු ගුවන් හමුදා යානයකින් මැදපෙරදිග ආරක්ෂිත ස්ථානයක් වෙත යමින් සිටි ගැබිණි මවකට උඩු ගුවනේදී දරු ප්‍රසූතියක් සිදුව තිබෙන අතර එහිදී ඇති ඇයට එම අවස්ථාවේ තිබූ අඩූ වූ වායු පීඩනය හමුවේ සංකූලතා ඇතිවීමට පටන් ගෙන තිබෙනවා.

යුද ගුවන් ප්‍රවාහන යානයක් සාමාන්‍යයෙන් ඉහළ අහසේ පියාසැර කළත් මවගේ ජීවිතය ගලවා ගැනීමේ අරමුණින් යානයේ උන්නතාංශය පහත හෙළීමට යානයේ ප්‍රධාන අණ දෙන නිලධාරියා තීරණය කර තිබුණා.

පසුව ගුවන් යානය අමෙරිකානු හමුදාවට අයත් රැම්ස්ටයින් කඳවුරට ගොඩ බස්සවා තිබෙන අතර එහිදී ඉතාමත් ඉක්මණින් ක්‍රියාකාරී වූ හමුදා වෛද්‍ය නිලධාරීන් විසින් අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී දී වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගෙන ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)