May 11, 2024

ඇෆ්ගන් ත්‍රස්තයන්ට එරෙහි සටන් ඇරඹෙයි! දිස්ත්‍රික්ක තුනක බලය අල්ලයි

තලේබාන් සටන්කාමින් කාබුල් නුවර අල්ලා ගැනීමෙන් පසුව එරට රාජ්‍ය බලය තහවුරු කරගත්තා.

නමුත් ඔවුන්ගේ බලය සම්පුර්ණ වීමටත් මත්තෙන් තලේබාන් ත්‍රස්තයන්ට එරෙහි සංවිධානයන් නැවත ප්‍රතිප්‍රහාරයන් දියත් කරන්න පටන් අරගෙන අවසන්.ෙ

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දැනටමත් උතුරු ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තයන්ගේ පාලනය යටතේ තිබූ දිස්ත්‍රික්ක තුනක බලය අල්ලා ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ‍ෙ

මෙම දිස්ත්‍රික්කවල දැඩි සටන් ඇතිව තිබුණු අතර එහිදී ත්‍රස්තයන් 30 දෙනෙකු ඝාතනය වී තිබූ අතර තවත් 20 දෙනෙකු අල්ලාගෙන තිබෙනවා

ත්‍රස්තයන් විසින් කරගෙන ගියා හිංසකාරී සෝදිසි කිරීම්වලට ජනතාව විරෝධය පළ කිරීමත් සමඟයි මෙම ගැටුම් හටගෙන තිබුණේ. එහිදී සිවිල් වැසියන් විසින් ත්‍රස්තයන්ගේ වාහනවලට ගල්වලින් පහර දී තිබෙනවා.

මෙම සටනල්වලට ඇෆ්ගන් හිටපු හමුදා සෙබළුන්ද සහාය ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

Rate this item
(2 votes)