May 10, 2024

ඇෆ්ඝන් කැළඹෙයි! තලේබාන් ත්‍රස්තයන් සිවිල් වැසියන්ට වෙඩි තබයි

ඊයේ (18) දිනයේ ඇෆ්ඝනිස්ථානයේ ජලලාබාද් නගරයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තවත් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාබුල් නගරයට කිලෝ මීටර් 115ක් පමණ දුරින් පිහිටි මෙම ජලලාබාද් නගරයද තලේබාන් පාලනය යටතේ තිබෙන අතර ඔවුන් විසින් එරට ජාතික ධජය පහත දමා ඇෆ්ගන් - තලේබාන් ජාතික ධජය ඔසවා තිබුණා.අ

පසුව එක් රැස්වූ සිවිල් වැසියන් පිරිසක් විසින් එයට විරෝධය දක්වමින් තලේබාන් ධජය පහත හෙළීම නිසා තලේබාන් ත්‍රස්තයෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ජලලාබාද් නගර ඇෆ්ගන් නිදහස් දිනය සමරන ස්ථානය ලෙසද සලකනු ලබනවා. ජලලාබාද් නගරය තුළ දැඩි කැළඹීමක් දක්නට ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම නගරයේ ජනතාව විසින් දැඩි විරෝධතාවයක නිරතව සිටින ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මීට අමතරව දරොන්ටා දිස්ත්‍රික්කයේ ද ජනතාව විසින් තලේබාන් ධජයක් බිම හෙළීමට කටයුතු කර තිබුණු අතර එහිදීද වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

Rate this item
(0 votes)