May 11, 2024

ජෝ බයිඩන්ගේ බොරුව එළියට! ඇෆ්ගනිස්ථානය ත්‍රස්තයන්ට යටත් වුණේ මෙහෙමයි!

මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය හමුදාවක් පරදවමින් ත්‍රස්ත සංවිධානයක් රටක බලය සම්පුර්ණයෙන්ම අත්පත් කරගෙන සිටිනවා, ඒ ඇෆ්ගනිස්ථානය තුළයි.

ලෝකයේ බොහෝ දෙනෙකු මෙන්ම, ජාත්‍යන්තර යුද විචාරකයින් පවා මවිතයට පත් කරමින් තලේබාන්වරුන් මෙම යුද්ධය ජය ගැනීම පිළිබඳව සැබෑ හේතුව අද වෙද්දී ජාත්‍යන්තර මාධ්‍ය හෙළිකර තිබෙනවා.

මෙහිදී හෙළිව තිබුණේ තලේබාන් සංවිධානය සමඟ සටන් කිරීමට තරම් ප්‍රමාණවත් හමුදාවක් ඇෆ්ගනිස්ථානය සතුව නොතිබුණු බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම කියා තිබුණේ ඩොලර් මිලියන ගණනක් වටිනා ආයුද සහ පුහුණුවක් සමඟ ඇෆ්ගනිස්ථානය තුළ එරට සෙබළුන් ලක්ෂ 3කින් සමන්විත හමුදාවක් සිටින බව යි.

නමුත් සැබෑවටම ඇෆ්ගනිස්ථානය තුළ සිට ඇත්තේ 50,000ක තරම් හමුදාවක්.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇෆ්ගන් රාජ්‍ය නායකයින් පවා මෙම පුවත සනාථ කර තිබෙනවා.

නමුත් බොහෝ මාධ්‍ය කියා තිබුනේ මෙය ස්ථීරවම පැවැසිය නොහැකි කරුණක් ලෙසයි.

කෙසේ වෙතත් තලේබාන්වරුන් නගර යටත් කරගත් ආකාරයට ඔවුන් ඉදිරියට පැමිණි ආකාරය සැලකීමේදී මෙය එක් ආකාරයකින් සත්‍යයක් වන බවද ඔවුන් කියා තිබෙනවා.

මාධ්‍ය විසින් මේ සම්බන්ධව ධවල මන්දිරයෙන් විමසීමක් කළද ඒ සම්බන්ධව ඔවුන් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 August 2021 10:36