May 13, 2024

ඇෆ්ගනිස්ථානය බිඳ වැටෙයි! රටේ පාලනය ත්‍රස්තයන් යටතට

ඇෆ්ගනිස්ථානයේ පාලනය බිඳ වැටී තිබෙනවා. ඒ තලේබාන් ත්‍රස්තයන් විසින් එරට කාබුල් නුවර ජනාධිපති මන්දිරය අල්ලා ගැනීමත් සමඟයි.

එරට ජනාධිපතිවරයා වන අෂ්රෆ් ඝානි විදෙස් රටකට ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කාබුල් නුවර වැසියන් බියෙන් සෑම තැනකම පලා යමින් සිටින බවට වාර්තා වන අතර ගුවන්තොටුපොළවලද තදබදයක් ඇති වෙලා.

අවුරුදු 20ක් පුරාවට අමෙරිකානු හමුදා විසින් බලය බිඳ දමා තිබූ තලේබාන් සංවිධානය දැන් නැවත බලවත්ව පැමිණිම ගැන එරට ජනතාව දැඩි භීතියකට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර බොහෝමයක දැඩි ගැටුම් ඇති වී තිබුණු අතර ජාත්‍යන්තර දේශපාලන හා යුද විශ්ලේෂකයන් පවා මවිතයට පත් කරමින් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමට තලේබාන්වරුන් සමත් වෙලා තියෙනවා.

තවත් ප්‍රදේශවල තවමත් ගැටුම් ඇතිවෙමින් පවතින බවයි සඳහන් වන්නේ. කාබුල් නුවර අල්ලා ගැනීමට ප්‍රථම ත්‍රස්තයන් විසින් ඇෆ්ගන් ආර්ථික මරමස්ථානය වන කන්දහාර් අල්ලා ගැනීමට සමත් වුණා.

මේ සියල්ල ආරම්භ වුණේ අමෙරිකානු හමුදාවන් නැවත යෑම ආරම්භ කිරීමත් සමඟයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 August 2021 06:41