May 13, 2024

ඇෆ්ඝන් ජනපති රටින් පනියි - අමෙරිකානු තානාපති කාර්යාලය හිස් වෙයි

තලේබාන් ත්‍රස්තයින් මේවන විට ඇෆ්ඝනිස්ථාන කාබුල් අගනුවර වටලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තත්ත්වයත් සමග කාබුල් වැසියන් බොහෝ දෙනා රටින් පලා යමින් සිටින බව සඳහන්.

එලෙස රට හැර යාමට උත්සහ දරන්නන්ගෙන් මේවන විට කාබුල් ගුවන් තොටුපොල පිරීගොස් ඇති බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර සාමකාමී බල හුවමාරුවක් සිදුකරන ලෙස තලේබාන් සංවිධානය ඇෆ්ඝන් රජයට බල කරමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා.

තත්ත්වය එසේ වද්දී ඇෆ්ඝන් ජනාධිපති අෂ්රෆ් ඝානි ද රට හැර පලා ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

ඔහු ටජිකිස්තානය වෙත පලාගොස් ඇති බව සදහන්.

මේ අතර කාබුල් නුවර පිහිටි සිය තානාපති කාර්යාලයේ සේවක සේවිකාවන් එම ගොඩනැගිල්ලෙන් ඉවත් කළ බව එක්සත් ජනපද රජය පවසනවා.

කාබුල් ගුවන් තොටුපොලහි පිහිටි කුඩා ගොඩනැගිල්ලක එම සේවක සේවිකාවන් ආරක්ෂිතව රඳවා තැබීමට යි අමෙරිකානු රජය තීරණය කර ඇත්තේ.

තලේබාන් භටයින් කාබුල් අගනුවර ද බලය තහවුරු කළ වහාම එම පිරිස අමෙරිකාව වෙත ගෙන එනු ඇති බව විදෙස් විස්ලේෂකයින් මත පළ කරනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 August 2021 20:16