May 13, 2024

ඇෆ්ගනිස්ථානයේ ආර්ථික බලකොටුව ත්‍රස්තයන් අල්ලා ගනී

ඇෆ්ගනිස්ථානයේ දෙවන විශාලතම නගරය වන කන්දහාර් අල්ලා ගත් බව තලේබාන් සංවිධානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

එරට ප්‍රධානම මෙන්ම ප්‍රමුඛ පෙළේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස කන්දහාර් සුවිශේෂි තැනක් උසුලයි.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර රැසක මේ වන වැටිත් දැඩි ගැටුම් ඇතිව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු විසින් කන්දහාර් සම්පුර්ණයෙන්ම යටත් කරගත් බවට ප්‍රකාශයක් නිකුත් කර තිබුණත් එය මෙතෙක් තහවුරු කිරීමක් සිදුකර නැහැ. 

තවත් පළාත් කිහිපයක්ම මෙලෙස අල්ලාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. 

ඇෆ්ගනිස්ථානය ජනතාව මේ වන ආරක්ෂාව සඳහා පලා යමින් සිටින අතර තලේබාන් ත්‍රස්තයන් විසින් කාබුල් අගනුවර දක්වා සටන් මෙහෙය වමින් සිටියි.

Rate this item
(0 votes)