May 13, 2024

උතුරු ඇෆ්ගනිස්ථානය තලේබාන් ත්‍රස්තයන්ට යටතට

අමෙරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාන්විතයන්වලින් ඉවත් වීමෙන් පසුව ඇෆ්ගනිස්ථානය ක්‍රමක් ක්‍රමයෙන් තලේබාන් ත්‍රස්ත සංවිධානයට නතුවෙමින් තිබේ.

පසුගිය මාස කිහිපයක් පුරාවට ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ ගම්බද ප්‍රදේශයන් යටත් කරගත් ත්‍රස්තයන් දැන් ප්‍රධාන නගර කිහිපයක් ද තම පාලන බලයට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඔවුන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන අගනගර 05ක් අල්ලාගෙන අවසන්.

ඊයේ (08) දිනය වන විට කුන්දුස්, සාර්-ඊ-පුල් සහ තාලොකාන් ප්‍රදේශයන් තලේබාන් සංවිධානය විසින් අල්ලාගෙන තිබුණා.

ඇෆ්ගනිස්ථානයේ මේ වන විට ප්‍රධාන නගර බොහෝමයක් දැඩි සටන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Rate this item
(0 votes)