April 28, 2024

ඉරානයට පහර දෙන්න ඊශ්‍රායලය සුදානම්! ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඉරානයට පහර දීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක බලකායන් සුදානම් බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ගැන්ට්ස් විසින් පවසා තිබෙනවා.

ඊයේ (06) වයිනෙට් රූපවාහිනි නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

ඊශ්‍රායලයේ ප්‍රකෝටිපති ව්‍යාපාරියෙකුට අයත් නෞකා සමාගමකට අයත් නෞකාවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය යෑමත් සමඟ ඊශ්‍රායලය සහ ඉරානය අතර යම් උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා.

ඉරානයේ ක්‍රියාකාරකම් ඊශ්‍රායලයට පමණක් ගැටලුවක් නොවන බවත් සෙසු ලෝකයටම මෙය ගැටලුවක්ව ඇති බවත් එහිදී අමාත්‍යවරයා විසින් පවසා තිබුණා.

ඉරානයට එරෙහිව මිලිටරි ක්‍රියාදාමයට සහයෝගය දක්වන මිත්‍ර රටවල් සමඟ මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කර ඇති බවටද අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පවසා තිබුණා.

Rate this item
(0 votes)