April 28, 2024

ඊශ්‍රායල නැවකට ඉරානයෙන් ප්‍රහාරයක් : තවත් යුද්ධයක් ගැන ඉඟියක්!

ඊශ්‍රායලයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් තෙල් ප්‍රවාහන නෞකාවකට ඕමානයට අයත් සාගර කලාපයේ දී එල්ල වූ ප්‍රහාරයකින් එම නෞකාවේ සේවකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙය ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින සෙවනැලි යුද්ධයේ ප්‍රතිඵලයක් නිසා සිදු වූවක් බවට ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙනවා.

ඊශ්‍රායල ප්‍රසිද්ධ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඊයල් ඔෆර්ට අයත් වන සෝඩියැක් මැරිටයිම් සමාගමේ නෞකාවකට මෙම ප්‍රහාරය එල්ල වී තිබුණු අතර එම නෞකාවේ සේවය කළ රුමේනියානු ජාතිකයෙකු සහ එක්සත් රාජධානියේ ජාතිකයෙකු මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බවටද එම සමාගම විසින් පවසා සිටිනවා.

මෙය පැහැදිළිව ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවට බොහෝ දෙනෙකු පැවසූවද ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට්ගේ කාර්යාලය, ආරක්ෂක ඇමති බෙනී ගැන්ට්ස් සහ ඊශ්රායල හමුදාව අංශයන් විසින් මෙම ප්‍රහාරයන් පිළිබඳව අදහස් දැක්වීමක් කර තිබුණේ නැහැ.

Rate this item
(0 votes)