April 26, 2024

ඊශ්‍රායලය ගාසා තීරය වනසයි! දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් (VIDEO)

September 07, 2021

ඊශ්‍රායලය විසින් ගාසා තීරය ඉලක්ක කරගෙන දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් සිදුකර ඇති බවට පලස්තීන වාර්තා කරනවා.

එරට වෙලාවෙන් ඊයේ (07) මධ්‍යම රාත්‍රී කාලයේ දී මෙම ප්‍රහාරය දියත් කර තිබෙන්නේ.

පලස්තීන කූඩ්ස් පුවත් සේවය වාර්තා කර තිබුණේ දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායල ප්‍රහාරක යානා බෝම්බ හෙලූ බවයි.

ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් ප්‍රහාරයක් දියත් කළ බවට තහවුරු කර තිබෙනවා.

මෙලෙස හදිසි ප්‍රහාරයක් දියත් කිරීමට හේතුව වී තිබුණේ හමාස් සටන්කාමීන් විසින් පුපුරන සුළු බැලූන් ඊශ්‍රායලය වෙත එවිමට ප්‍රතිප්‍රහාරයක් ලෙසයි.

ඊශ්‍රායල ජාතිකයින් යුදෙව්වන්ගේ අවුරුදු දිනය සැමරීමට සුදානම් වන අවස්ථාවකයි මෙම මාරාන්තික පුපුරන බැලුම් ප්‍රහාරය හමාස් සංවිධානය දියත් කර තිබුණේ.

තමන්ගේ රටේ ජනතාව භීතියට පත් කිරීමට ඉඩ ලබානොදෙන බවද ඊශ්‍රායල විසින් ප්‍රහාරය දියත් කරමින් පවසා සිටියා.

ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයේ රොකට් නිෂ්පාදනාගාරයකට සහ හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය දියත් කර තිබෙනවා.

ප්‍රහාරය දියත් කළ ආකාරය මාධ්‍යවේදීන් වාර්තා කර තිබුණේ මෙලෙසයි,

Rate this item
(0 votes)