March 29, 2024

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයන්ට සිරියාවෙන් ප්‍රතිප්‍රහාර

September 04, 2021

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර 24කින් 21ක් සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් බිම හෙලූ බවට සිරියාව පවසා තිබෙනවා.

සිරියාව පවසන්නේ ඊයේ (03) දිනයේ එරට වෙලාවෙන් සවස 1.30ට පමණ ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් F-15 වර්ගයේ ප්‍රහාරක යානා මඟින් මෙම මිසයිල ප්‍රහාරයන් දියත් කර තිබූ බවත් එම මිසයිල ප්‍රහාරයන් සිරියානු ගුවන් කලාපය හරහා ලෙබනනය වෙත දියත් කර තිබූ බවයි.

සිරියාව විසින් රුසියානු තාක්ෂණය යටතේ නිපදවා ඇති Buk-M2E and Pantsir-S1 මිසයිල ආරක්ෂණ පද්ධතිය හරහා ඊශ්‍රායල විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර 24න් 21ක්ම බිම හෙලීමට සමත්ව තිබෙනවා.

Rate this item
(0 votes)