April 25, 2024

ඊශ්‍රායලයේ හිටපු අගමැති තවම නිල නිවස භාර දී නැහැ

ඊශ්‍රායල හිටපු අග්‍රාමාත්‍යවරයා මෙන්ම වත්මන් විපක්ෂ නායකවරයා වන බෙන්ජමින් නෙතන්යාහු විසින් තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි සමයේ පදිංචිව සිටි අග්‍රාමාත්‍ය නිල නිවස මෙතෙක් භාර දී නොමැති බවට වාර්තා වෙනවා.

ඔහු විසින් එළැඹෙන ජූලි 10 වැනිදා නිල නිවස නැවත භාර දෙන බවට ප්‍රකාශයක් ද නිකුත් කර තිබෙනවා.

වසර 12ක් ඊශ්‍රායලයේ පාලන බලය අඛණ්ඩව පවත්වාගෙන සිටි බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි දෝෂාභියෝගය විපක්ෂ නායක නෆ්තාලි බෙනට් විසින් ජය ගැනීමත් සමඟ නෙතන්යාහු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වුණා.

බෙන්ජමින් නෙතන්යාහු විසින් නිල නිවසෙන් ඉවත් වූ පසුව එම නිවස වත්මන් අග්‍රාමාත්‍යවරයා වන නෆ්තාලි බෙනට් හට ලබාදීමට නියමිතයි.

කෙසේ වෙතත් තමන්ගේ පරාජය පිළිනොගන්නා බෙන්ජමින් නෙතන්යාහු විසින් නව ආණ්ඩුව පෙරළා දමන බවටද ප්‍රකාශ කර ඇතැයි සඳහන් වෙයි.

Rate this item
(0 votes)