May 13, 2024

ඇෆ්ගන් ඇමතිවරුන් දඩයම් කිරීම ඇරඹෙයි!

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල්හි පිහිටි ආරක්‍ෂක ඇමතිවරයාගේ නිවසට එල්ල වූ සාහසික ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී තිබෙනවා.  

තලේබාන් සටන්කාමීන් විසින් වසරක කාලයක් තුළ එල්ල කරන ලද විශාලතම බෝම්බ ප්‍රහාරය මෙය බවටයි සඳහන් වන්නේ.

බෝම්බ ප්‍රහාරයට පෙර දිනයේ නිල නිවාසය පිහිටි ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ආරක්ෂක අමාත්‍යවරයා සිය නිල නිවසේ සිට තිබුණේ නැහැ.

මෙම එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයේ වගකීම සිය සංවිධානය භාරගන්නා බවට තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් පවසා තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ එරට දේශපාලනික නායකයින්ට එරෙහිව තවත් ප්‍රහාරයන් එල්ල කිරීමට සුදානම් බවයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. බෝම්බය මෝටර් රථයක් තුළ සඟවා මෙම ප්‍රහාරය දියත් කර තිබුණි.

අමෙරිකානු ආරක්ෂක අංශයන් විසින් ඇෆ්ගනිස්ථානය අත්හැර යෑමත් සමඟ තලේබාන් සංවිධානය විසින් එරට බලය අල්ලා ගැනීමේ ක්‍රියාවලියකට සැරසෙමින් සිටියි.

Rate this item
(0 votes)