May 13, 2024

අමෙරිකාව අත්හැරී ඇෆ්ගනිස්ථානයේ යුද ගැටුම් ආරම්භ වෙයි

අමෙරිකා එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම ආරම්භ කිරීමත් සමඟ ඇෆ්ගනිස්ථානය තුළ තලේබාන් ක්‍රියාකාරම් ඉහළ යමින් තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස තලේබාන් සංවිධානය විසින් එරට බොහෝ ප්‍රදේශයෙන් ඇෆ්ගනිස්ථාන පාලනය පලවා හැර සිය අතට ගැනීමට කටයුතු කරමින් සිටියි.

එහි ආසන්නම සිදුවීම ලෙස තලේබාන් සංවිධානය විසින් කාබුල් අගනුවරට ප්‍රහාරයක් එල්ල කිරීම පෙන්වා දෙන්න පුළුවන්.

ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍ය බිස්මිල්ලා මොහොමඩි විසින් අද (07) දිනයේ විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ එරට තුළ යුද්ධයක් ඇවිලෙමින් ඇති බවයි. 

එමෙන්ම යුද්ධය වේගයෙන් ආරම්භ වෙමින් පවතින බවත්, මෙම අවස්ථාව ඉතාමත් සංවේදී අවස්ථාවක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔහු මෙම ප්‍රකාශය නිකුත් කළේ තලේබාන් සංවිධානය විසින් බැඩ්ගිස් පළාතේ අගනුවර වන ක්ලා-ඉ-නව් නගරයට පහර දී පැය කිහිපයකට පසුවයි.

එරට සිටින සියලු ආරක්ෂක බලවේගයන් ඇතුළු ආරක්ෂක අංශයන්ගෙන් සහාය ඇතිව ඇෆ්ගනිස්ථාන ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා සියලු බලයන් සහ සම්පත් යොදවන බවටද ආරක්ෂ අමාත්‍යවරයා සහතික කර පවසා තිබුණා.

අමෙරිකානු ආරක්ෂ හමුදාවන්ගෙන් 90%ක ප්‍රමාණයක් මේ වන විටත් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව ඇති අතර ඔවුන් සතුව තිබූ සියලු පහසුකම් සහිත කඳවුරු 07ක් ඇෆ්ගනිස්ථාන රජයට භාර දී තිබේ.

Rate this item
(1 Vote)