May 19, 2024

“විපක්ෂ මන්ත්‍රීවරුන් මරා දැම්මොත් දිළිඳුකම නැතිවෙයි” (VIDEO)

යුක්ක්‍රේන පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුර මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි ගැටුමක් ඇතිව තිබෙනවා.

මෙම ගැටුම හේතුව වී තිබුණේ එරට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් කතාවක් සිදුකරන අවස්ථාවේදී.

මෙම මන්ත්‍රීවරයා එටර ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි නායකත්වය දරණ පක්ෂයේ සාමාජිකයෙකු ද වෙනවා.

ඔහුගේ කතාව අතරතුරදී රටේ දිළිඳුකම පිළිබඳව පවසන අවස්ථාවේ ඔහු විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කෝපයට පත් කරන කතාවක් පවසා තිබුණා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ “..විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් වෙඩි තබා ඝාතනය කළහොත් රටේ දුප්පත්කම නැති කළ හැකියි..” යනුවෙනි.

මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුව තුළ දැඩි ගැටුමක් ඇති කරන්නට සමත් වුණු ප්‍රකාශයක් වුණු අතර විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේ එය ගැටුමක් බවට පත් වී තිබුණා.

එම අවස්ථාව කැමරාවක පටිගත වී තිබුණේ පහත අයුරිනි.

Rate this item
(0 votes)