May 19, 2024

ඊශ්‍රායල අගමැති දෝෂාභියෝගය පරාදයි - ඊශ්‍රායල පුරා සැමරුම් උත්සව

වසර 12ක් පුරාවට ඊශ්‍රායලය පාලනය කළ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආණ්ඩුව පෙරළා දමන්නට එරට විපක්ෂය සමත් වෙලා තියෙනවා. 

අද (13) පැවැති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයකදී අග්‍රාමාත්‍යරයාට විරුද්ධව සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඡන්ද විමසීමක් පැවැත් වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා පරාජයට පත්ව ඇති බවත් නව ආණ්ඩුවක් පිහිටුවා ඇති බවත් ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වාර්තා කර තිබෙනවා.

නෙතන්යාහුගේ පාලනය අවසන් කිරීම සඳහා දක්ෂිණාංශික පක්ෂ 03ක්, වමාංශික පක්ෂ 2ක් සහ අරාබි ඉස්ලාම් කොන්සරේව්ටිව් පක්ෂය ඉදිරිපත්ව සිටි අතර ඔවුන් විසින් අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනවිත් තිබුණා.

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දක්ෂිනාංශික ජාතිකවාදියෙකු වන නෆ්තාලි බෙනට් පත් වීමට නියමිත බවත් සඳහන් වෙනවා. සභාග ආණ්ඩුවක් යටතේ ඔහු විසින් 2023 මැතිවරණය පවත්වන තෙක් අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නියමිත බව සඳහන් වෙනවා.

එමෙන්ම නෙතන්යාහුගේ ආණ්ඩුව තුළ අමාත්‍ය ධූර දැරූ මන්ත්‍රීවරුන් ද සිය ධූරවලින් ඉල්ලා අස්වෙමින් තිබෙන බවටද වාර්තා වෙනවා.

බෙන්ජමින් නෙතන්යාහුගේ නිල නිවස ඉදිරිපිට දෙදහසකට අධික පිරිසක් එක්ව බල පෙරළියේ ජය සමරමින් සිටින බව විදෙස් මාධ්‍ය බොහෝමයක් වාර්තා කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 June 2021 12:55