May 19, 2024

ජෙරුසලම ගිනි ගනී : ගින්න පාලනයට නොහැකි වෙයි (VIDEO)

ජෙරුසලමේ ඇති වූ ගින්නක් මේ වන දැවැන්ත ගිනි ජාලාවක් බවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නීවිමේ කණ්ඩායම් 70ක් පමණ යොදවා ඇති බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් මාධ්‍ය ආයතනය වාර්තා කරනවා.

ඒ අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ද නිර්මාණය වෙලා තියෙනවා. එයට හේතුව වී තිබුණේ ජෙරුසලමේ ජීවත් වෙන ජනතාව ආරක්ෂිත තැන් කරා පලා යෑමයි.

ඊශ්‍රායලය සැක පළ කරන්නේ මෙම ගින්න බොහෝ විට කවුරුන් හෝ විසින් ඇති කරන ලද ගින්නක් බවයි.

වෙනත් අකුණු සැර හෝ විදුලි අනතුරු පිළිබඳව කිසිදු පුවතක් වාර්තා නොවීම නිසා මෙය හිතමතා කරන ලද ගිනි තැබීමක් බවට ඊශ්‍රායල ගිනි නිවිමේ අංශ පවසා සිටිනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ගුවන් යානා 10ක් සහායද ලබාගෙන තිබෙන අතර ගින්න හටගෙන ඇති ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමේ කටයුතුද කරමින් සිටින බව සඳහන් වෙනවා. මෙලෙස ඉවත් කර තිබුණේ මාලේ හහාමිෂා සහ යාඩ් හෂ්මෝනා යන ගම්මානවල වැසියන්ය.

මෙම ගින්න ඇතිව තිබෙන ප්‍රදේශය හරහා ඊශ්‍රායලය දෙසට යන අධිවේගී මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ද තවකාලිකව වසා දමා තිබෙනවා.

ගින්න පාලනය කිරීමට යම් අසීරු තත්ත්වයක් ඇති බවද ද ජෙරුලසම් පෝස්ට් මාධ්‍ය ආයතන වාර්තා කර තිබෙනවා.

ජෙරුලසම් වැසියන් අතර කුඩා දරුවන්, ශ්වසන අපහසුතා ඇති අය, වැඩිහිටියන් සිටි නම් ගින්නේ දුම් අග්‍රහණය නොවන තැනකට යන ලෙසද බලධාරීන් විසින් දැනුම් දී තිබේ.

ගිනි ගන්නා අවස්ථාවේ දර්ශන පහතින්,

Rate this item
(5 votes)
Last modified on Wednesday, 09 June 2021 21:49