May 13, 2024

තවත් යුද්ධයක්? ඊශ්‍රායලයෙන් සිරියාවට ප්‍රහාරයක් (VIDEO)

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් සිරියාවේ ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් වළක්වා ඇති බවට සිරියානු මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය සේවය වාර්තා කර ඇති ආකාරයට මෙම ගුවන් ප්‍රහාරයන් දියත් කර තිබෙන්නේ ලෙබනන ගුවන් සීමාවේ සිටයි. මෙම ප්‍රහාරය දමස්කස් සහ හෝම්ස් යන නගර ඉලක්කගත කරගෙන එල්ල වන්නට ඇති බවද විශ්වාස කරනවා.

ඊයේ (08) එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රීයට ආසන්න කාලයේදී මෙම ප්‍රහාරයන් එල්ලවී තිබුණා.

දැවැන්ත පිපිරීම් හඬක් ඇසුණු බවට සිරියානු වැසියන් විසින් ද සිය ෆේස්බුක් සහ ට්විටර් ගිනුම්වල සටහන් තබා තිබුණා.

ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඊස්රායල් ආරක්ෂක හමුදා (අයිඩීඑෆ්) විසින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

සිරියාව විසින් මෙම ප්‍රහාරය සිය රටේ ස්වෛරීය භාවය උල්ලංඝනය කිරීමක් ලෙස පවසා ඇති අතර සිදුවීම හෙළා දැක තිබෙනවා. පසුගිය මැයි මාසයේ මුල් භාගයේ දීද ඊශ්‍රායලය විසින් සිරියාවේ ලතාකියා පළාත වෙත ප්‍රහාරයක් එල්ල කර තිබුණු බව සඳහන් වෙනවා. 

මෙම ප්‍රහාරය එල්ල වන්නේ බෙන්ජමින් නෙතන්යාහු හට එරට පාර්ලිමේන්තුවේදී දෝෂාභියෝගයක් සඳහා මෙන්ම නව ආණ්ඩුවක් සඳහා ඡන්දයක් පැවැත්වීමට විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා දින නියමව තිබියදී වීමද විශේෂත්වයක්.

ඊශ්‍රායලය විසින් දියත් කළ ප්‍රහාර සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය වැළැක්වූ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)