May 19, 2024

ඊශ්‍රායල අගමැති බලයෙන් එලවන ඡන්දය ඉරිදා

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි දෝෂාභියෝගය සඳහා ඡන්දය විමසීම එළැඹෙන ඉරිදා (13) වැනිදා විමසීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

එරට කතානායකවරයා වන යරිව් ලෙවින් විසින් අද (08) දිනයේ කියා සිටියේ නව රජය පිළිබඳ විවාදය සහ ඡන්දය 2021 ජුනි 13 වන ඉරිදා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයකදී පැවැත්වෙන බවයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වසර 12ක සිට එරට අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලබන්නේ අඛණ්ඩවයි.

නෙතන්යාහුට එරෙහිව දක්ෂිණාංශික පක්ෂ 3ක්, වමාංශික පක්ෂ 2ක් සහ අරාබි ඉස්ලාමීය කොන්සර්වේටිව් පක්ෂය එකට එක්ව සිටිනවා.

මෙම ඡන්ද විමසීමේදී නෙතන්යාහු පරාජයට පත් වුණොත් නෆ්තාලි බෙනට් ඉදිරි වසර දෙක සඳහා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන බව සඳහන් වෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ විරුද්ධවාදීන් විසින් දැඩිව පවසා සිටින්නේ නෙතන්යාහුගේ පාලන සමය වහාම අවසන් කළ යුතුව ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 18:00