May 18, 2024

ඊළඟ ඩයනා කේට් කුමරියද? වැළලී ගිය ඉතිහාසය නැවතත් ලියවෙයි

ලෝකයේ තවමත් බොහෝ රාජකීයන් සහ ඔවුන්ගේ පවුලේ පිරිස් ජීවත් වුණත් ලෝකයේ පුවත් මවන රාජකීය පවුල ලෙස ඉදිරියෙන් ඉන්නේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලයි.

ඩයනා කුමරියද එසේ රාජකීය පවුල තුළ විශාල ලෙස පුවත් මවන්නියක්ව සිටියා. ඇය කාන්තා පිරිමි භේදයක් නොමැතිව හැමෝම දකින්න ආස කරන චරිතයක් වුණා. විශේෂයෙන්ම කාන්තාවන් ඩයනා කුමරියගේ විලාසිතාවන්වලට බොහෝ සෙයින් ඇලුම් කර බව බොහෝ තැන්වලින් වාර්තා වෙනවා.

මෙලෙස ඩයනා කුමරියගේ විලාසිතාවන් නැවතත් බ්‍රිතාන්‍ය රාජකීය පවුල තුළින් මතුවන්නට පටන් අරගෙන තිබෙනවා. ඒ විලියම් කුමරුගේ ආර්යාව වන කේට් කුමරිය මාර්ගයෙන්.

කේට් කුමරිය ඩයනා කුමරියගේ විලාසිතාවන් දැඩිව අනුගමනය කරන බවක් පෙනෙන්නට තියෙනවා. ඒ ඇය විසින් ඩයනා කුමරියගේ ප්‍රසිද්ධ විලාසිතාවන් කිහිපයක් ප්‍රසිද්ධියේ ම භාවිත කර ඇති නිසයි.

එවැනි ආකාරයේ විලාසිතාවන් කිහිපයක් පැපරාසි කැමරාවල සටහන්ව තිබුණු ආකාරය පහතින් දැක්වෙනවා,

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ රෝයල් බ්ලූ (Royal Blue) වර්ණයේ ඇඳුම්වලින් සැරසුණු කේට් කුමරිය සහ ඩයනා කුමරියයි. කේට් කුමරිය විසින් සිය නැන්දම්මා වූ ඩයනා කුමරියගේ විලාසිතා අනුගමනය කරන බව පෙන්වීමට මෙය හොඳම උදාහරණයක් ද වෙනවා.

සුන්දර රෝස වර්ණයෙන් එකම ආකාරයට සැරසුණු කේට් කුමරිය සහ ඩයනා කුමරිය

රතු වර්ණයෙන් යුතු ගවුම්වලින් සැරසුණු ලේලිය සහ නැන්දම්මා

සම්ප්‍රදායකි ටාර්ටන් ඇඳුමින් සැරසුණු කේට් කුමරිය සහ ඩයනා කුමරිය

ඩයනා කුමරියගේ අභාවයත් සමඟ ඇයගේ මතකයන් බොහෝමයක් ඇයට වඩාත්ම ආදරය කළ පිරිස තුළ පමණ තුළ අතර ඉතිරිව තිබුණත් ඉතිරි මතකය ඉතිහාසය තුළ සැඟව ගිහින්. ඒ අතරට ඩයනා කුමරියගේ මෙම සොඳුරු විලාසිතාවන්ද ඇතුළත්.

නමුත් ඒ විලාසිතා ඉතිහාසය නැවත අලුතින් ලියන්නට ඩයනා කුමරියගේ වැඩිමහල් පුතු වන විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරිය උත්සාහ කරමින් සිටින බව බොහෝ දෙනෙකු පවසා තිබුණා.

Rate this item
(0 votes)