April 25, 2024

සාහිකාව සිප ගත්ත බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

සිය සාහිකාවක් සිප ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු විසින් සිය සාහිකාව වන ජිනා කොලඩන්ජෙලෝ ව සිප ගන්නා ආකාරය දැක්වෙන CCTV දර්ශන එරට බොහෝ මාධ්‍ය විසින් ප්‍රචාරය කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය තුළ උණුසුම් කතාබහක් නිර්මාණය වුණා.

සෞඛ්‍ය ලේකම්වරයා විසින් සමාජ දුරස්ථභාවය, සෞඛ්‍යාරක්ෂිත බව සහ වසංගත පාලන නීතිය සහ ජනතාව එම නීතිය හරහා හෑල්ලුවට ලක් කළ බවට චෝදනා එල්ල වී තිබුණා. රටක පැවැතිය යුත්තේ එක නීතියක් බවටද ජනතාව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර සිටියා.

සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා සමාව ඉල්ලා සිටි නමුත් එරට විපක්ෂ විසින් ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බවට බොරිස් ජොන්සන් ඇතුළු ආණ්ඩුවට පීඩනය එල්ල කර තිබුණා.

ඒ අනුව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා විසින් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මැට් හැන්කොක් විවාහක පුද්ගලයෙකු වන අතර ඔහුට දරුවන් තිදෙනෙකුද සිටියි.

සැබැඳි පුවත

හොර රහසේ වසංගත නීති කැඩූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්

Rate this item
(0 votes)