May 18, 2024

හොර රහසේ විවාහ වී ඉතිහාස ගත වුණු බ්‍රිතාන්‍ය අගමැතිගේ විවාහයේ ඡායාරූප එළියට

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුගේ දීර්ඝ කාලීන සහකාරිය වූ කැරී සිමන්ඩ්ස් සමඟ අද (30) වැනිදා හොර රහසේම විවාහ වී ඇතැයි වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් බොරිස් ජොන්සන් සහ කැරී සිමන්ඩ්ස්ගේ විවාහ කුඩා උත්සවයක් ලෙස පවත්වනු ඇති බවට පවසා තිබුණත් විවාහ පිළිබඳව වෙනත් කිසිදු තොරතුරක් ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ.

ඒ අනුව වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුරේ මෙම දෙදෙනා විවාහ වී තිබූ අතර විවාහයේ කටයුතු සංවිධානය කළ පිරිසවත් විවාහය කාගෙද යන්න දැන නොසිටිමත් විශේෂත්වයකි.

වසර 200ක ඉතිහාසයක් තුළ කිසිදු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයෙකු නිල ධූර කාලය තුළ විවාහ වී නොමැති අතර එසේ විවාහ වූ පළමු පුද්ගලයා ලෙසත් බොරිස් ජොන්සන්ව බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක්වී තිබේ.

බ්‍රිතාන්‍ය තුළ පවතින දැඩි කොරෝනා මර්දන නීතිය යටතේ විවාහයක් හෝ අවමංගල්‍යයක් සඳහා සහභාගී කරවා ගත හැක්කේ 30 දෙනෙකු පමණක් බැවින් අග්‍රාමාත්‍යවරයා විසින් සිය ළඟම හිතවතුන් 30 දෙනෙකු පමණක් ඉතාමත් කෙටි දැනුම් දීමකින් එම අවස්ථාව සම්බන්ධ කරගෙන තිබේ.

විවාහය ඩැනියෙල් හම්ෆ්‍රීස් පියතුමා විසින් මෙහෙයවන ලදී.

විවාහයේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබුණේ පහත ආකාරයෙනි,

බොරිස් සහ කැරීගේ පුංචි පුතු විවාහයට පෙර

විවාහ දිවියට පත් බොරිස් සහ කැරී යූවල

විවාහ උත්සවයට සංගීතය සැපයීමට යන වාදකයන්

විවාහය පැවැත්වූ වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුර

Rate this item
(0 votes)