May 18, 2024

කොරෝනා එන්නත ගත් ලෝකයේ පළමු පිරිමි පුද්ගලයා ජීවිතයෙන් සමුගනී

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා එන්නත් වෛද්‍ය භාවිතය සඳහා නිකුත් කිරීමෙන් අනතුරුව එය ලබාගත් පළමු පිරිමි පුද්ගලයා වන විලියම් ශේක්ස්පියර් හෙවත් “බිල්” ඊයේ (25) දිනයේ දී සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

ලෝකයේ වසංගතය සඳහා පළමුවරට භාවිතයට ගත් මෙන්ම පළමුවරට සාර්ථක වූ එන්නත වන ෆයිසර් එන්නත ලබාගත් පළමු පුද්ගලයා වන්නේ ද විලියම් ය.

ලෝකයේ කොරෝනා සඳහා එන්නත්කරණය ආරම්භ කළ පළමු රට වන්නේ බ්‍රිතාන්‍යය වන අතර බ්‍රිතානයේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලීය රෝහලේ දී විලියම් හට එන්නත ලබාදී තිබුණි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු විසින් කොරෝනා එන්නත ලබාගත්තේය.

විලියම් ඉතිහාසයට එක්වන්නේ ලෝකයේ වසංගතයක් වෙනුවෙන් දියත් කරන ලද දැවැන්තම එන්නත්කරණ ගෝලීය වැඩසටහනේ පළමු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසයි.

විලියම් මිය යන විට 81 වැනි වියේ පසු වූ අතර ඔහුගේ මරණයට හේතුව අයහපත් සෞඛ්‍ය තත්ත්වය බවට අනාවරණය වී තිබේ.

විලියම් සමඟ එන්නත ගත් අනිත් තැනැත්තා වන්නේ මාග්‍රට් කීනන් නම් 91 හැවිරිදි කාන්තාවයි.

ඇය කොරෝනා එන්නත ගත් ලෝකයේ පළමු පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වී සිටියි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 May 2021 11:52