May 01, 2024

ජෙරුසලම නැවත උණුසුම් වෙයි : ඊශ්‍රායල වැසියන්ට පිහි ඇනුම් ප්‍රහාරයක් (VIDEO)

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුමක් පැවතියද ජෙරුලසම තුළ විවිධ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා වෙමින් තිබේ.

නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ඊශ්‍රායල වැසියන් දෙදෙනෙකුට පිහියකින් ඇන පහර දී තිබෙන අතර එම පිහි ඇනුම කළ පුද්ගලයා පොලිස් වෙඩි පහරකින් අඩපණ කරන්නට සමත්ව තිබේ.

මෙම සිදුවීම වී ඇත්තේ දුම්රිපොළක් ආසන්නයේ වන අතර පිහි පහර ලක්වූ පුද්ගලයින් දෙදෙනොගෙන් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් අනෙක් පුද්ගලයා සාමාන්‍ය තත්ත්වයේ සිටින බවත් මැගන් ඩේවිඩ් ඇඩොම් ගිලන්රථ සේවය විසින් මාධ්‍ය වෙත පවසා තිබුණි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර  සටන් විරාම ගිවිසුමක් තිබුණද නැගෙනහිර ජෙරුසලමේ ඇති ෂෙයික් ජර්හා ප්‍රදේශයේ තවමත් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ෂෙයික් ජර්හා ප්‍රදේශයේ සිටින පලස්තීන වැසියන් ඉවත් කිරීමට ඊශ්‍රායලය උත්සාහ කරමින් සිටින බවට ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත එහි ගැටුම් නිර්මාණය වුයේ පසුගිය අප්‍රේල් මාසයේදී වන අතර එය අවසානයේ දෙරට අතර මාරාන්තික යුද්ධයක් දක්වා වර්ධනය විය.

පිහිඇනුමට ලක් වූ හමුදා නිලධාරියෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකු බිම වාඩි වී සිටින ආකාරය දැක්වෙන සංවේදී විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අතර එම වීඩියෝව පහතින් දැක්වෙයි.

Rate this item
(0 votes)