May 19, 2024

“මිස්ටර් සිකියුරිටි“ පෙරට වඩා වැඩි ජවයකින් පස්වන වරටත් මැතිවරණයකට සුදානම් වෙයි

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැවැති යුදමය තත්ත්වයෙන් පසුව වත්මන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හට සමාජය තුළ පෙරට වඩා දැඩි ජනප්‍රියත්වයක් හිමිව ඇති බව සඳහන් වෙයි. මේ හේතුවෙන්ම ඔහු සිය 05 වැනි මැතිවරණයට පිවිසීමට සුදානමින් සිටින බවත් සඳහන්.

නෙතන්යාහුව බලයෙන් පහ කිරීම සඳහා එරට විපක්ෂ බලවේගයන් කටයුතු කරමින් සිටි මොහොතක ඊශ්‍රායල - පලස්තීන ගැටුම් හටගත්තේය. 

මෙම දින 11ක සටන කාලය තුළදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් තමන් ඊශ්‍රායලය ආරක්ෂා කළ හැකි නායකයා බවත්, ඒ හේතුවෙන්ම ඔහුට ලබාදී තිබූ “මිස්ටර් සිකියුරිටි“ යන නාමය නැවත වරක් ඔප්පු කර පෙන්වීමට සමත්විය.

මේ හේතුවෙන්ම ඔහුගේ ප්‍රතිවාදීන්ගේ ඉලක්කය වී තිබූ ඊස්රායල් පාර්ලිමේන්තුව වන නෙස්සෙට් හි ආසන 61 කින් වැඩි ප්‍රමාණයක් සඳහා ප්‍රමාණවත් සහයෝගයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවද බිඳ වැටී තිබේ.

විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත චෝදනා කරමින් පවසා තිබුණේ ඔහු බලය ලබාගැනීමේ අරමුණින් ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ ගැටුම් ඇති කිරීමට සැලැසුම් කළ බවයි. ඔවුන් එහිදී සඳහන් කර සිටියේ තමන්ට රජයක් පැවැතියේ නම් ආරක්ෂාව සහ දේශපාලනය කිසිදිනක මිශ්‍ර නොවනු ඇති බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විශ්වාසය කඩ කිරීම, මූල්‍ය වංචා ඇතුළු චෝදනා බොහෝමයක් සඳහා අධි චෝදනා එල්ලව සිටියි.

Rate this item
(1 Vote)