May 04, 2024

අබිරහස් ප්‍රහාරයක් - ඊශ්‍රායලය ගැන සැකයක්

ඉරාක - සිරියා දේශ සීමාව ආශ්‍රිත ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරවලින් දේපළ හානි සිදුව ඇතත් ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් සාක්ෂි නොමැති බව සිරියානු හමුදාව පවසනවා.

කෙසේ වෙතත් මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ ගුවන් යානාව කුමන රටක කුමන පාර්ශවයකට අයත් එකක් දැයි මේවන විටත් නිල වශයෙන් හඳුණාගෙන නැහැ.

මේ හේතුවෙන් මෙය නාඳුනන ප්‍රහාරක යානයකින් එල්ල වූවක් බවට යි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් බව බැග්ඩෑඩ් නුවර කේන්ද්‍ර කරගත් රූපවාහිනී මාධ්‍ය ආයතනයක් වාර්තා කොට තිබෙනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ මෝටර් රියක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවයි.

Rate this item
(0 votes)