March 29, 2024

ගැටුම් ඇවිලෙයි! ඉන්දියාවට මාරාන්තික ප්‍රහාරයක්!

ඉන්දීය හමුදා කණ්ඩායමක් වෙත කාෂ්මීරයේ දී දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා.

මෙම ගිනි අවි ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළුන් 05 දෙනෙකු මරණයට පත්ව ඇති බවට යි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ප්‍රහාරය එල්ල කොට ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකි වී නැහැ.

කෙසේ වෙතත් එය සංවිධානාත්මක සන්නද්ධ කල්ලියකගේ ක්‍රියාවක් බවට සැක කරනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු කාෂ්මීර සන්නද්ධ කණ්ඩායමක් වගකීම භාරගෙන ද නොමැති බව යි වාර්තා වන්නේ.

කාෂ්මීරයේ ඉන්දීය පාලනය යටතේ පවතින පෙදෙසක දී ඊයේ (11) දින මෙම ප්‍රහාරය සිදුව තිබෙනවා.

ගත වූ මාස 06ක පමණ කාලයක් තුළ කාෂ්මීරයෙන් වාර්තා වූ දරුණුතම ගැටුම මෙය බව යි පැවසෙන්නේ.

සන්නද්ධ කණ්ඩායමක් සැරිසරන බවට ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර දී සිය හමුදා සාමාජිකයින් වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ඉන්දීය හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසනවා.

ප්‍රහාරය ඉතා දරුණු එකක් බව ද ඔහු සඳහන් කරනවා.

මේ අතර කාෂ්මීරයේ තවත් පෙදෙසක දී ඉන්දීය හමුදාව වෙත පහර දුන් සන්නද්ධ කණ්ඩායමකට එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් කැරළිකරුවන් දෙදෙනෙකු ඝාතනය වී ඇති බවට ද වාර්තා වෙනවා.

එමෙන්ම ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් පසුගිය දා හින්දු ජාතිකයින් කිහිපදෙනෙකුම ඝාතනය කර තිබූ අතර කාෂ්මීරයේ යුද උණුසුම ඉහළ යන්නට පටන් ගත්තේ මෙම තත්ත්වයත් සමග යි.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 12 October 2021 07:39