May 04, 2024

මාරාන්තික යුද්ධය නිමාවෙයි - ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

ඊයේ (20) දිනයේ සවස් කාලයේ දී රැස් වුණු ඊශ්‍රායල ආරක්ෂක නිලධාරීන් සහ කැබිනට් මණ්ඩලය විසින් හමාස් සංවිධානය සමඟ සටන් විරාමයක් සඳහා යෑමට සිය එකඟතාවය පළ කර තිබේ. 

මෙහිදී ඒක පාර්ශවික සටන් විරාමයක් ඊශ්‍රායල විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඔවුන් තවදුරටත් ගාසා තීරය වෙත ප්‍රහාරයන් එල්ල නොකරනු ඇත.

මෙම සටන් විරාමය අද (21) අලුයම 02 සිට ක්‍රියාත්මක වන බවටද ප්‍රකාශ කර තිබේ.

හමාස් සංවිධානය විසින් ද තමන් සටන් විරාමකට යෑමට අද (21) දිනයේ සිට සුදානම් බවද එහි ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු විසින් රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබේ.

 ඒ අනුව එරට වෙලාවෙන් අද (21) අලුයම 2.00 සිට දෙරට අතරම ප්‍රහාරයන් නවතිනු ඇති අතර සටන් අවසන් කර තිරසාර විසඳුමක් සඳහා සාකච්ඡා ඇරඹෙනු ඇති බව සඳහන් වෙයි.

ඊශ්‍රායල විසින් මෙම සටන් විරාමය සඳහා එකඟ වුණත් එය කෙතරම් කාලයක් සඳහාද යන්නට සිය එකඟතාවය පළ කර නොමැත.

මෙය ඊජිත්තුව විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම ගිවිසුමක් වන අතර එය අන්‍යෝන්‍ය හා කොන්දේසි විරහිත ගිවිසුමක් බව සඳහන් වෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 May 2021 03:48