May 02, 2024

ලෙබනන - ඊශ්‍රායල දේශ සීමාවත් වෙඩි හඬින් ගිගුම් දෙයි

ඊශ්‍රායලය දෙසට අද දිනත් ලෙබනන භූමියේ සිට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා.

දකුණු දිග ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලය දෙසට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්.

ඒවායින් එකක් සාගරයට වැටී ඇති අතර තවත් දෙකක් ජන ශූන්‍ය පෙදෙසකට වැටී ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) නිවේදනය කළා.

එමෙන්ම ඊශ්‍රායල “අයන් ඩෝම්” මිසයිල නාශක පද්ධතිය විසින් එක් රොකට්ටුවක් උඩුගුවනේ දී ම විනාශ කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රකාශ කළේ.

ගාසා තීරයත් ඊශ්‍රායලයත් අතර යුද වාතාවරණය ඇරඹුණු මැයි 10 වැනි දා සිට ලෙබනනය දෙසින් ඊශ්‍රායලය දෙසට එල්ල වූ තෙවැනි රොකට් ප්‍රහාරය වන්නේ මෙයයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් මෙම රොකට් ප්‍රහාරවලට පිලිතුරු ලෙස කාලතුවක්කු ප්‍රහාර මාලාවක් දියත් කළ බව වාර්තා වෙනවා.

ලෙබනන භූමිය දෙසට මෙම ප්‍රහාර එල්ල කොට ඇති අතර රොකට් ප්‍රහාර ගුවන්ගත වූ ස්ථාන ඒවායේ ඉලක්ක වූ බව සඳහන්.

මේ අතර මෙම රොකට් ප්‍රහාර පිටුපස ලෙබනන ශියා ඉස්ලාමික සන්නද්ධ දේශපාලන පක්ෂයක්වන හෙස්බුල්ලා සංවිධානය සිටිනු ඇති බවට සැක කෙරෙනවා.

ගාසා තීරය දෙසට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසට මෙම රොකට් ප්‍රහාරයන් එල්ල කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 May 2021 19:51