April 19, 2024

ලෙබනන් වරාය පිපිරීම යට යන ලකුණු! විනිසුරු - හිටපු ඇමති පැටලෙයි

ලෙබනනයේ හිටපු මුදල් ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබා දී සති කිහිපයකට පසු දෙවෙනි වරටත් බෙයිරූට් වරායේ පසුගිය වසරේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන විනිසුරුවරයාට සිය පරීක්ෂණය අත්හිටුවීමට සිදුවුණා.

ෂියා අමල් ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ ඉරානයේ සහය ලබන හිස්බුල්ලා කණ්ඩායමේ සගයෙකු වූ හිටපු මුදල් ඇමති අලි හසන් කලීල් අධිකරණයට නොපැමිණීම නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අඟහරුවාදා විනිසුරු තාරෙක් බිටාර් නියෝගයක් කළා.

දේශපාලන විචාරකයින්ට අනුව දේශපාලනඥයින් දෙදෙනෙක් බිටාර්ට එරෙහිව නව පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු සති තුනකට අඩු කාලයක් තුළදී දෙවන වරටත් මෙම පරීක්ෂණය අත්හිටුවා තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානයට සමීප හිටපු ඇමති ගාසි සයිටර් ද බදාදා ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණා.

ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානී සෙයිඩ් හසන් නස්රාල්ලා සඳුදා (11) ඉල්ලීමක් කළේ විමර්ශනය කරන විනිසුරුවරයා වෙනස් කරන ලෙසත්, ඔහු විමර්ශනය දේශපාලනීකරණය කළ බවටත්, පක්ෂග්‍රාහී බවටත් චෝදනා කරමින් චෝදනා එල්ල කර තිබුණා.

පුද්ගලයින් 200 කට වැඩි සංඛ්‍යාවක් මියගොස්, 7500 කට පමණ තුවාල සිදු කළ සහ 2020 අගෝස්තු 4 වන දින ලෙබනන අගනුවර විශාල විනාශයක් සිදු කළ වරාය පිපිරීම පිළිබඳ නඩු විභාග කරන විනිසුරුවරයාගේ පරීක්ෂණය සැප්තැම්බර් මස අවසානයේදී අත්හිටවනු ලැබුවා.

එයට හේතුව වී තිබුණේ විමර්ශනය යටතේ සිටි නිලධාරියෙක් ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීම නිසයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 09:25