May 06, 2024

හමාස් මුලිනුපුටා දාන්නට ඇමෙරිකාවෙත් සහාය - ඊශ්‍රායලයට ඩොලර් මිලියන ගණනක ස්මාර්ට් අවි ලබාදෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඩොලර් මිලියන 735ක අවි ආයුධ ඊශ්‍රායලය වෙත අලෙවි කිරීමට ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අවසර ලබාදීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි.

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර ඇතිව තිබෙන මාරාන්තික යුද්ධය ඇරඹීමට සතියකට පමණ පෙර එනම් පසුගිය මැයි 05 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයට අවි ආයුද අලෙවි කිරීමේ විශේෂ යෝජනාවක් කොංග්‍රසය වෙත ඉදිරිපත් කර තිබුණි.

බිබිසී පුවත් සේවය විසින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත උපුටා දක්වමින් පවසා තිබුණේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 735ක් පමණ වටිනා නිරවද්‍යතාවයෙන් මෙහෙයවන ආයුධ (precision-guided weapons) තොගයක් අලෙවි කිරීමේ යෝජනාවට අත්සන් තබා ඇති බවයි.

එමෙන්ම මෙම යෝජනාව සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයන් අතර මතු ගැටුම් නිර්මාණය වී ඇති අතර පිරිසක් විසින් මෙම ආයුධ අලෙවි කිරීම පිළිබඳව සිය විරෝධය පළකොට තිබේ.

එහිදී එක් මන්ත්‍රීවරයෙකු විසින් සඳහන් කර තිබුණේ සටන් විරාමයකට එකඟතාවයකට බලපෑම් නොකොට ස්මාර්ට් බෝම්බ අලෙවි කිරීම තුළින් තවත් මනූෂ්‍ය ඝාතනයන් ඉහළ යා හැකි බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද්ධයට එකඟ නොවිය හැකි බව පවසා තිබුණත්, ඔහු විසින් සඳහන් කර සිටියේ ඊශ්‍රායලයට සිය ආරක්ෂාව සපයා ගැනීම සඳහා අයිතියක් ඇති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 May 2021 20:48