May 06, 2024

"හමාස් සබ්මැරීනයක් විනාශ කළා" - ඊශ්‍රායලයෙන් වීඩියෝවක් එළියට (VIDEO)

තමන් හමාස් සංවිධානයට අයත් සබ්මැරීනයකට පහර දුන් බව ඊශ්‍රායල ගුවන් සහ නාවික හමුදා පවසනවා.

ගාසා වෙරළ තීරයේ දී මෙම ප්‍රහාරය සිදු කළ බවයි ඔවුන් අනාවරණය කරන්නේ.

මෙම සබ්මැරීනය වෙරළ තීරයේ නවතා තිබී ඇති අතර එය සබ්මැරීනය ආයුධ සන්නද්ධව තිබූ බව ද ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.

එම ප්‍රහාරයේ කෙටි වීඩියෝ පටයක් ද මේවන විට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් මුදාහැර තිබෙනවා.

සබ්මැරීනයට බෝම්බ හෙළන අයුරුත්, ඊට අමතරව මාර්ගයක ගමන් ගන්නා මෝටර් රථයකට බෝම්බ හෙළා විනාශකරන අයුරුත් දැක්වෙන දර්ශන දෙකක් එම වීඩියෝ පටයට ඇතුළත්.

මේ අතර අදාළ වාහනය සිවිල් ජනතාව ගමන් ගත් එකක් විය හැකි බවට ද ජාත්‍යන්තර මාධ්‍ය සැක පළ කරනවා.

එම වීඩියෝව පහතින්..

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 May 2021 17:53