May 06, 2024

සජීවී විකාශය අතරතුර ගාසා මාධ්‍යවේදිනිය මුහුණදුන් අනපේක්ෂිත සිදුවීම (VIDEO)

(වීඩියෝව මෙම සටහන අවසානයේ)

ඊශ්‍රායලය විසින් මේවන විටත් ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ගාසා තීරයේ රැඳී සිටින මාධ්‍යවේදීන් හරහා ඊශ්‍රායල ප්‍රහාරයන්හි දර්ශන ලොව පුරා සජීවීව විකාශය වන අතර එවන් මාධ්‍යවේදිනියක් මුහුණ දුන් අනපේක්ෂිත සිදුවීමක් වෙත ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

යූම්නා අල් ෂායෙඩ් නමැති මෙම මාධ්‍යවේදිනිය අල් ජසීරා පුවත් සේවය වෙනුවෙන් ගාසා තීරයට ගොස් සිට ඇති අතර ඇය තවත් මාධ්‍යවේදීන් පිරිසක් සමග එක්ව මධ්‍යම ගාසා නගරයේ උස් ගොඩනැගිල්ලක වහලය මත නැගී ඇත්තේ ගාසා හි පුළුල් දර්ශනයක් ලබා ගනිමින් සජීවී විකාශයක් සිදු කිරීමට යි.

සැළසුම් කළ පරිදි සජීවී විකාශය ආරම්භ කර පවතින තත්ත්වය පිළිබඳ පැහැදිළි කරමින් සිටින අතරතුර ඇය දකින්නේ ඉහළ අහසේ සිට තමන් සමීපයටම බෝම්බ පෙළක් වැටෙන ආකාරයයි.

යූම්නාත්, අනෙකුත් මාධ්‍යවේදීනුත් රැඳී සිටි ගොඩනැගිල්ලට අසල්වැසි ගොඩනැගිල්ලකට මෙම බෝම්බ පතිතවන අතර අදාළ ගොඩනැගිල්ල පුපුරා යන්නේ මහත් හඬක් නගමින්.

කෙසේ වෙතත් උද්ගත වූ හදිසි තත්ත්වය මධ්‍යයේ වුව ද යුම්නා සිය සජීවී විකාශය සිදුකරන අතර පසුව ඇයම කැමරාව දෙසට පැමිණ එය විනාශ වූ ගොඩනැගිල්ල දෙසට හරවනු ලබනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ ඉලක්ක කළ මෙම ගොඩනැගිල්ල හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යන අල්-අක්සා රූපවාහිනී නාළිකාවේ කාර්යයාල සංකීර්ණයක් බව පැවසෙනවා.

වීඩියෝව පහතින්...

Rate this item
(2 votes)
Last modified on Sunday, 16 May 2021 21:14