May 18, 2024

අවසන් තීරණය ගන්න ඊශ්‍රායල ඉහළ නිලධාරීන් රැස්වෙයි - ඇමෙරිකාවේ ඉල්ලීමත් අහක දාන ලකුණු

ඊශ්‍රායලයේ දේශපාලන හා ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය ගාසා තීරයට එරෙහිව පවතින යුද්ධය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් තීරණයකට එළැඹීම සඳහා රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අමතමින් පවසා තිබුණේ මෙම යුද තත්ත්වය දිර්ඝ කාලයක් තිස්සේ පැවැතිය හැකි බැවින් යුද විරාමයකට යෑම සඳහා සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයන් හරහා සාම සාකච්ඡාවක් පවත්වනු ඇතැයි අපේක්ෂා නොකළ හැකි අතර ඔහු විසින් ඊයේ (15) දිනයේ මාධ්‍ය වෙත පවසා තිබුණේ ඊශ්‍රායලයට අවශ්‍ය තරම් කාලයක් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන බවයි. 

මෙම ගැටුම්වලට වැරැදිකරුවන් ඊශ්‍රායලය නොවන බවත් එයට වැරැදිකරුවන් තම රටට පහර දෙන පුද්ගලයින් බවත්ද අග්‍රාමාත්‍යවරයා විසින් එහිදී සඳහන් කර තිබුණි

Rate this item
(4 votes)