May 18, 2024

Al Jazeera මාධ්‍ය ජාලයත් ඊශ්‍රායලයේ මිසයිල ප්‍රහාරයකින් බිමට සමතලා වෙයි

ගාසා තීරයේ පිහිටි ලෝව ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන අල් ජසීරා ඇතුළු තවත් අන්තර් ජාතික මාධ්‍ය ජාලා කිහිපයක් සිය සේවා පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අල් ජසීරා ඉංග්‍රිසී සේවයේ නිල ට්විටර් පිටුව විසින් මේ බව තහවුරු කර තිබේ.

ප්‍රහාරයට පැයකට පමණ පෙර අල් ජසීරා මාධ්‍ය ජාලයට සහ අනිකුත් මාධ්‍ය ජාලවලට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන අතර පැයක් අවසාන වූ වහාම මෙම ප්‍රහාරය දියත් කර තිබේ.

ප්‍රහාරයෙන් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවත් එම මාධ්‍ය ජාලය විසින් ට්විටර් පණිවිඩයක් හරහා තහවුරු කර තිබේ.

පසුගිය 10 වැනිදා ආරම්භ වුණු දෙරට අතර ගැටුම් දින 05ක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ.

ගොඩනැගිල්ල විනාශ වන ආකාරය මාධ්‍ය වාර්තා කර තිබුණේ පහත අයුරිනි,

Rate this item
(2 votes)
Last modified on Saturday, 15 May 2021 18:53