April 27, 2024

දරුණු ගැටුම් මැද හදිස්සියේම ඇමෙරිකානු විශේෂ නියෝජිතයෙක් ඊශ්‍රායලයට

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන හැඩි අම්ර් හදිස්සියේ ම පැමිණ ඇතැයි වාර්තා වෙයි. 

එහිදී මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා විසින් ඊශ්‍රායල බලධාරීන් සමඟ මෙන්ම පලස්තීන බලධාරීන් සමඟ සටන් විරාම එකඟතාවයක් සඳහා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

හෙට (16) දිනයේ එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වීමට නියමිතව ඇති අතර ඊට පෙර මෙම ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු පැමිණීම විශේෂත්වයකි.

ඊශ්‍රායලයේ පවතින ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ස්ථිරසාර සන්සුන්තාවයක් ගොඩා නඟා ගැනීමේ අරමුණෙන් සාකච්ඡා කිරීමට මෙම නිලධාරියා පැමිණි බවයි.

කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුමක් අනුව කටයුතු කරන්නැයි පලස්තීනයෙන් සහ ඊශ්‍රායලයෙන් ප්‍රබල රාජ්‍යයන් කර ඉල්ලීම් බොහෝමයක් දෙරටේම නායකයන් ප්‍රතික්ෂේප කර තිබේ.

Rate this item
(0 votes)