April 26, 2024

දේශ සීමාවල සිටින ජනතාවට ඉවත් වෙන්න කියයි - ඊශ්‍රායලයේ ප්‍රබලතම හමුදා බලඇණිය වැඩ අරඹයි

ඊශ්‍රායලය සතුව සිටින ප්‍රබලම හමුදා බලඇණිය වන ගෝලානි පාබල හමුදා අංශය විසින් එරට ගුවන් හමුදාවන් සමඟ එක්ව ගාසා තීරයට පහර දීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

 සය දින යුද්ධය, සියූස් අර්බුදය, යොම් කිප්පූර් යුද්ධය, එන්ටෙබ් මෙහෙයුම සහ 1978 දකුණු ලෙබනන් ගැටුම සාර්ථකව ජයග්‍රහණය කළ ඊශ්‍රායලයේ ප්‍රබලතම හමුදා අංශයද වෙයි.

ඊයේ (13) දිනයේ දී ඊශ්‍රායල ආරක්ෂක බලකා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ගාසා තීරය ආක්‍රමණය සඳහා යුද සැලැසුම් සම්මත වී ඇති බවට ප්‍රකාශ කළ අතර අද (14) දිනයේ දී එරට හමුදා අංශයන් දේශ සීමාවේ සිට ප්‍රහාරයන් එල්ල කිරීමට පටන් ගෙන තිබේ.

එමෙන්ම දෙරට අතර දේශසීමාව අසළ කිලෝ මීටර් 04ක දුරක සිටින සියලු ජනතාවට සිය නිවාසවලින් ඉවත් වන්නට යැයි දැනුම් දී ඇති බවට ඊශ්‍රායලය හමුදා විසින් දැනුම් දී ඇත බවත් සඳහන්.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාද දැඩි ස්ථාවරයක සිටින අතර මෙම ප්‍රහාරයන්වල පලස්තීනයට දැඩි මිලක් ගෙවීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කර තිබේ.

මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක බලකායන් භූමි ආක්‍රමණය සඳහා අවශ්‍ය කරන බිම් සැලැසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද හමුදා ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණි.  

එමෙන්ම හදිසි අවස්ථාවන් සඳහා තවත් උප බලකායන් 03ක් ද කැඳවා ඇති අතර නිවාඩු ගොස් සිටින ඊශ්‍රායල හමුදා අංශ නිලධාරීන් 7000ක් වහාම සේවයට කැඳවා ඇති බවත් වාර්තා වෙයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 14 May 2021 08:59