May 19, 2024

ඊශ්‍රායලයට පලස්තීන මිසයිලවලින් ආරක්ෂාව සපයන ඇමෙරිකාවෙන් ලැබුණු සුපිරි ආයුධයේ වැඩ මෙන්න

ජෙරුසලමේ ඇති වූ අර්බුදය ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධයක් දක්වා වර්ධනය වී තිබෙන අතර දෙරට විසින් මිසයිල යොදා ගනිමින් ප්‍රතිප්‍රහාරයන් එල්ල කරගනිමින් සිටියි.

මේක අතර ඊශ්‍රායලය විසින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා එරට ඇති මිසයිල ආරක්ෂණ පද්ධතිය වන “Iron Dome (යකඩ ගෝලාර්ධය)” පද්ධතිය ක්‍රියාත්මක කර ඇති අතර එමඟින් පලස්තීනයේ හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලබන මිසයිල බොහෝ ප්‍රමාණයක් වළක්වා ගන්නට සමත්ව තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහය යටතේ නිර්මාණය කරන ලද මෙම මිසයිල නාශක පද්ධතිය විසින් සතුරු පාර්ශවයන් එල්ල කරන මිසයිල ගුවනේදීම හඳුනාගෙන ඒවා විනාශ කිරීමට කටයුතු කරනු ලබයි.

මෙය නිර්මාණය කර ඇත්තේ ඊශ්‍රායලයේ යුධ විශේෂඥයින් සිටින රෆායෙල් උසස් ආරක්ෂක පද්ධති සහ ඊශ්‍රායල් අභ්‍යවකාශ කර්මාන්තශාලාව විසිනි.

2011 දී ප්‍රථම වරට ක්‍රියාන්විත සේවයට යොදවා ඇති මෙම ආරක්ෂන පද්ධතිය විසින් ගාසා තීරයෙන් වෙඩි තබන ලද කෙටි දුර රොකට් සහ කාලතුවක්කු නැවැත්වීමට හැකි ලෙස නිර්මාණය කර තිබේ.

එමෙන්ම මීට අමතරව ඩේවිඩ්ගේ ස්ලිං සහ ඇරෝ ලෙස හැඳින්වෙන වෙනම පද්ධති දෙකක් ගුවන් යානා, ඩ්‍රෝන්, රොකට් සහ මිසයිල ඇතුළු මධ්‍යම හා දිගු දුර තර්ජන සඳහා නිර්මාණය කර ඇති අතර එයද මේ වන විට සේවයේ යොදවා තිබේ.

මෙය ක්‍රියා කිරීම සඳහා ඩෝම් රේඩාර් සහ විශ්ලේෂණ පද්ධතියක් සම්බන්ධ කර ඇති අතර එමඟින් පැමිණෙන ප්‍රහාර හඳුනා ගෙන අදාළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලැබී තිබේ.

මෙම පද්ධතිය ජංගමව ගෙන යෑමට හැකි ලෙසත් ස්ථීරව ආරක්ෂිත කලාපයන්වලත් නිර්මාණය කර තිබෙන අතර සතුරු ප්‍රහාරයන් ඊශ්‍රායල ගුවන් සීමාවට පැමිණෙන විට අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වීමත් සමඟ මෙම පද්ධතිය ක්‍රියාත්මක වනු ලැබේ.

මෙම පද්ධතිය මඟින් ලබාදෙන ආරක්ෂාවේ සාර්ථකත්වය 90%ක අගයක් ගන්නා බවට ඊශ්‍රායලය විසින් සඳහන් කර සිටියි.

නමුත් සමහර යුද විශේලේෂකයන් පවසා සිටින්නේ මෙම පද්ධතියට එතරම් කාර්යක්ෂමතාවයක් දැක්විය නොහැකි බවත්, හමාස් සංවිධානය විසින් මෙම පද්ධතිය මඟ හැර පහර දීම සඳහා අනුගතව සිටින බවට ඔවුන් පවසා සිටියි.

කෙසේ වෙතත් දෙරට අතර ප්‍රහාර හමුවේ දෙරටම දැඩි හානි සිදුවඅ ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ සහ ජාත්‍යන්තර පුවත් වාර්තා කර ඇති තොරතුරු අනුව පෙනී යයි.

Iron Dome හෙවත් ඊශ්‍රායලයේ යකඩ ගෝලාර්ධය මිසයිල නාශක පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(9 votes)
Last modified on Wednesday, 12 May 2021 09:32